Terms & Conditions

We are committed to protecting your privacy and providing transparency in our practices. Our privacy policy outlines how we handle your information with care and respect.

වාහන කුලියට ගැනීමේ නියම හා කොන්දේසි

1. ඡායාරූප අවශ්‍යතා

කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී වාහනය ගනු ලබන අයගේ හා ඇපකරුගේ ඡායාරූපයක් මෙම ගිවිසුමට ඇතුලත් කිරීම අනිවාර්යය බැවින් අප ලබාගන්නා ඡායාරූපයට පෙනී සිටිය යුතුය.

2. මුදල් ගෙවීම්

කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී මුදල් තැන්පතුවක් හා නියමිත කුලී මුදල වාහනය ලබා ගන්නා අවස්ථාවේදීම වාහනය ලබාගන්නා අය විසින් ආයතනය වෙත ගෙවීමට කටයුතු කල යුතු වේ.

3. නීති විරෝධී කටයුතු

පහත සදහන් සියලු නීතී විරෝධී හා ගිවිසුම් උල්ලංඝනය වන කටයුතු සඳහා මොනයම් ආකාරයකින් හෝ යොදා ගැනීමෙන් වැළකී සිටිය යුතු අතර, එසේ සම්බන්ධ වී ඇති බවට අනාවරණය වුවහොත් වාහනය ලබා ගන්නා අයට විරුද්ධව නීතී මාර්ගයෙන් කටයුතු කිරීම, වාහනය නැවත ලබා ගැනීම, තැන්පතු මුදල නැවත නොගෙවීම හෝ ඉදිරි දින සඳහා ගෙවා ඇති මුදල ආපසු ගෙවීමට ආයතනය කටයුතු කරනු නොලැබේ.

තහනම් කටයුතු:

  • වාහනයේ අභ්‍යන්තර හා බාහිර කොටස් ගලවා මාරු කිරීම

  • රිය පුහුණු කිරීමට යොදා ගැනීම

  • නීති විරෝධී ක්‍රියාවන් සඳහා වාහනය යොදා ගැනීම

  • වාහනයේ යථා ස්වරූපය හෝ ලිපි ලේඛණ වෙනස් කිරීම

  • මාර්ග නීති උල්ලංඝණය කිරීම

  • වාහනය කුලී පදනම මත වෙනත් පාර්ශවයක් වෙත ලබාදීම

  • සිවිල් ජන අරගල සඳහා යොදා ගැනීම

  • සතුන් ප්‍රවාහනය කිරීම

4. වාහන භාවිතයේ සීමාවන්

වාහනය තුළ දුම්බීම හා මත්පැන් පානය කිරීම, එහි හැකි උපරිම මගින් සංඛ්‍යාව ඉක්මවා ගෙනයාම, මහා මාර්ගයෙන් ඉවත ධාවනය කිරීම සහ ක්‍රීඩා පිට්ටනි වල ධාවනය කිරීම සපුරා තහනම් වේ.

දුම්පානය කල බවට අනාවරණය වුවහොත් දඩය රු.2,000.00 ක්

5. මීටර් හා GPS පද්ධතිය

වාහනය ලබා ගන්නා අයට වාහනයේ මීටරයේ කිසිදු වෙනස්කමක් හෝ GPS පද්ධතිය ගැලවීමක් සිදු කිරීමට අයිතියක් නොමැති අතර එසේ සිදුකල බවට අනාවරණය වුවහොත් වාහනය ආපසු ලබා ගැනීමට හා තැන්පතුව නැවත නොගෙවීමට ආයතනය කටයුතු කරනු ලැබේ.

එසේ කල බවට අනාවරණය වුවහොත් දඩය රු.5,000.00 ක්

6. හයිබ්‍රිඩ් වාහන - විශේෂ කොන්දේසි

හයිබ්‍රිඩ් වාහන කිසිම විටක එන්ජිම පණගන්වා නොමැති අවස්ථාවල (Start නොකර) ලයිට්, රේඩියෝ, බ්ලෝවර් ක්‍රියා විරහිතව තැබිය යුතුය.

7. හයිබ්‍රිඩ් වාහන බැටරි

හයිබ්‍රිඩ් වාහනයක බැටරි බැස ඇති විටක ජම්ප් ස්ටාර්ට් (Jump Start) කිරීම සපුරා තහනම් වේ. එසේ කල බවට අනාවරණය වුවහොත් නව බැටරියක් සඳහා වන වියදම ආයතනයට ලබාදිය යුතුය.

8. වායු සමීකරණ පද්ධතිය

සියලුම වාහන AC දමා ගමන් කල යුතුය.

9. වාහන හානි වගකීම

වාහනය ලබා ගත් අය නොසැලකිලිමත් ව ධාවනය කිරීම නිසා සිදුවන ටයර් කැපීමකදී, වතුර/කුලන්ට හෝ ඉන්ධන නොමැතිව ධාවනය කිරීමදී හෝ වැරදි ඉන්ධන භාවිතයේදී සිදුවන අලාභහානි සඳහා වගකිව යුතු වේ. තවද වාහනය ඇතුලත හා පිටත සිදුවන සියලුම අලාභහානි සඳහා වාහනය ලබාගත් අය වගකිව යුතු වේ.

10. කාර්මික දෝෂ හා අනතුරු

වාහනය ධාවනය කිරීමට නොහැකි කාර්මික දෝෂ තත්වයකදී හැරෙන්නට රිය අනතුරකදී අනතුරට පත් වාහනය වෙනුවෙන් වෙනත් වාහනයක් ලබා දෙනු නොලැබේ.

11. ගිවිසුම් කාල සීමාව

ගිවිසගත් දිනය ඉක්මවා තවදුරටත් වාහනය පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය වාහනය භාරදීමට නියමිත දිනට පෙර දැනුම්දිය යුතු අතර, එම කාලසීමාවට අදාල මුදල් ලබාදීමට කටයුතු කල යුතුය. දැනුම්දීමකින් තොරව ගිවිසුම ඉක්මවා තබා ගන්නා වාහනය සඳහා වාහනය ලබාගත් අයට විරුද්ධව නිතීමය කටයුතු කිරීමට හෝ දැනුම්දීමකින් තොරව වාහනය ලබා ගැනීමට ආයතනය විසින් කටයුතු කරනු ලැබේ.

12. හදිසී අලුත්වැඩියාව

වාහනය ධාවනයේදී ඇතිවන හදිසී අලුත්වැඩියා කටයුතු (රු.5,000.00 ට නොවැඩි) ආයතනයට දැනුවත් කිරීමෙන් අනතුරුව, වාහනය ලබාගත් අය විසින් තම පෞද්ගලික මුදලින් සිදුකර ගත යුතුය.

වාහනය ලබා ගත්තේ දින 07 කට අඩු කාලයකට නම් මෙය අදාල නොවේ

13. වාහන නඩත්තු වගකීම

වාහනය ලබාගත් අය විසින් වාහනයේ රේඩියේටරයේ වතුර/කුලන්ට මට්ටම හා එන්ජිමේ තෙල් මට්ටම නිසි පරිදි තිබේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය. තවද එන්ජිම රත්වන විටකදී (Heat indicator light එක පෙන්වන විටදී) වාහනය ක්ෂණිකව නතර කළ යුතුය. එසේ නොමැතිව නොසැලකිලිමත් ලෙස වාහනයේ එන්ජිම රත් වී ඇති විටදී (Over heat) ධාවනයේදී සිදුවන අලාභ හානි වලට වාහනය ලබාගත් අය වගකිව යුතුය.

14. උපාංග හානි වගකීම

වාහනයේ ඇතුළත හෝ පිටත සවිකර ඇති DVD player, Radio, Remote key, Reverse camera ආදී උපාංගවලට සිදුවන හානි සඳහා වාහනය ලබාගත් අය වගකිව යුතුය.

15. රිය ධාවනය පුහුණුව

වාහනය ලබාගත් අය විසින් වාහනයේ කිසිදු ආකාරයකින් රිය ධාවනය පුහුණු කිරීම සඳහා යොදා ගැනීම හෝ ගිවිසුම්කරු හැර වෙනත් පුද්ගලයෙකු දැනුම්දීමකින් තොරව වාහනය පැදවීම සපුරා තහනම් බව මතක තබාගත යුතුය.

එසේ සිදුකිරීමක් අනාවරණය වුවහොත් හෝ "L" පුවරු ප්‍රදර්ශනය කලහොත් කිසිදු දැනුම්දීමකින් තොරව වාහනය ලබාගන්නා අතර රු.10,000.00 ක දඩ මුදලක් අයකිරීමට ආයතනය විසින් කටයුතු කරනු ලැබේ

16. අනතුරු දැනුම්දීම

රිය අනතුරකදී හෝ තාක්ෂණික දෝෂයකදී හෝ කාර්මික දෝෂයකදී ප්‍රථමයෙන් කළ යුත්තේ අප ආයතනය දැනුවත් කිරීමයි.

17. රක්ෂණ ආවරණය

  • රු.100,000.00 කට අඩු අලාභහානි සඳහා රක්ෂණ ආවරණය මගින් ආයතනය විසින් මුදල් ලබා නොගන්නා අතර එම මුදල වාහනය ලබා ගන්නා අය විසින් දරණු ලැබේ.

  • රු.100,000.00 කට වැඩි අනතුරු සඳහා රක්ෂණ ආවරණය ලබා ගැනීමට හා නිතීමය කටයුතු කිරීමට වාහනය ලබා ගන්නා අය ආයතනයට සහාය විය යුතුය.

  • රිය අනතුර වූ විගස ආයතනය වෙත එය දැනුම් දීම වාහනය ලබා ගන්නා අයගේ වගකීමයි.

  • අනතුරකින් පසුව වාහනය ලබා ගන්නා අය එය සාදා දිය යුතු අතර රක්ෂණ මුදල් ලැබීමෙන් පසුව, එමගින් වාහනය සෑදීමට වැයවන මුදල ලබාදීමට එකග වෙමි.

  • රක්ෂණ මුදල ඉක්මවා දැරීමට වන වියදමද වාහනය ලබාගන්නා අය විසින් දැරිය යුතු වේ.

18. ගරාජ යොමු කිරීම

වාහනය අනතුරට පත් අවස්ථාවේදී ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ගරාජයට එම වාහනය අලුත් වැඩියාව සඳහා, වාහනය ලබා ගන්නා අය විසින් යොමු කළ යුතුය.

19. ගරාජ ගාස්තු

රිය අනතුරකදී ගරාජයේ තබන සෑම දිනකටම නියමිත මුදලක් වාහනය ලබාගත් අය විසින් ගෙවීමට එකඟ වෙමි.

20. අධිකරණ ගාස්තු

යම් සිදුවීමක් හේතුවෙන් වාහනය අධිකරණය භාරයට පත් වුවහොත් වාහනය ලබාගන්නා අය හෝ ඇපකරු සෑම දිනයක් සඳහාම නියමිත මුදලක් වාහනය නිදහස් කරගන්නා තෙක් ගෙවීමට එකඟ වෙමි.

21. වාහන පිරිසිදු කිරීම

වාහනය ලබාගන්නා අය නියමිත දිනට වාහනය භාරදීමට පෙර ඇතුලත හා පිටත හොඳින් පිරිසිදු කර භාරදිය යුතුය. එසේ නොමැතිව ලබාදෙන වාහනය සඳහා රුපියල් 1,000.00 ක සේවා ගාස්තුවක් වාහනය ලබා ගන්නා අය විසින් ගෙවිය යුතුය.

22. මාසික සේවා කටයුතු

මසකට හෝ මාස කිහිපයකට ලබා ගන්නා අය සෑම මසකම එක් දවසක් සේවා කටයුතු සඳහා අදාල වාහනය අප ආයතනයට එක දිනයක් ලබාදිය යුතු අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් මාසික ගිවිසුම කාලය සම්පූර්ණ වීමට දිනකට කලින් වාහනය ආයතනයට භාරදිය යුතුය.

23. පරීක්ෂා කිරීමේ ලැයිස්තුව

වාහනය භාරගැනීමේදී පහත සදහන් දේ පරීක්ෂා කර භාරගත් බවට සහතික වෙමි:

  • ආදායම් බලපත්‍රය

  • කාපට්

  • විල් බුෂ්

  • රක්ෂණ සහතිකය

  • හුලං පොප්

  • දුම් පරීක්ෂා සහතිකය

  • ජැක් එක

  • අමතර ටයරය

24. සාමාන්‍ය වගකීම්

වාහනය ලබාගත් අය වාහනය සම්බන්ධයෙන් මුදල් නීතිමය හෝ වාහනයට වූ අලාභ සම්බන්ධව මතුවන ඕනෑම ගැටලුවකදී එය විසඳීමට ඉදිරිපත් වන බවත් එම ගැටලුව නිරාකරණය කර ගැනීමට පෞද්ගලික ධනය කාලය හෝ වැය කිරීමටත් වාහනය අස්ථානගත වුවහොත් වාහනයේ වටිනාකම මුදලින් ගෙවීමට සුදානම් බවට පිළිගනී.

25. ඇපකරුගේ වගකීම්

ඇපකරු වාහනය ලබාගත් අය පෞද්ගලිකව දන්නා අයෙකු බවත්, ඔහු ලබාදුන් තොරතුරු සත්‍ය බවත් ඔහු ලබා ගන්නා වාහන සම්බන්ධයෙන් මුදල් නීතිමය හෝ වාහනයට සිදුවන අලාභ සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටලුවකදී එය විසඳීමට ලබාගන්නා අය වෙනුවෙන් ඉදිරිපත් වන බවත්, එම ගැටලු නිරාකරණය කිරීමට පෞද්ගලික ධනය කාලය හෝ වැය කිරීමටත්, වාහනය අස්ථානගත වුවහොත් වාහනයේ වටිනාකම මුදලින් ගෙවීමට සුදානම් බවට පිළිගනී.

මෙම නියම හා කොන්දේසි පිළිගැනීමෙන් පසුව පමණක් වාහනය භාර ගැනීම සිදුවේ. සියලු කොන්දේසි හොඳින් කියවා තේරුම්ගත් බව තහවුරු කරන ලෙස ඉල්ලා සිටිමු.

English Translation

Vehicle Rental Agreement Terms & Conditions

1. Photograph Requirements

When renting a vehicle, it is mandatory to include photographs of both the vehicle renter and the guarantor in this agreement. Both parties must be clearly visible in the photographs provided to our organization.

2. Payment Terms

When renting a vehicle, the security deposit and specified rental fee must be paid to the organization at the time of vehicle collection by the vehicle renter.

3. Illegal Activities

All the following illegal activities and contract violations must be avoided in any manner. If found to be involved in such activities, the organization will take legal action against the vehicle renter, repossess the vehicle, and will not refund the security deposit or any advance payments made for future days.

Prohibited Activities:

  • Removing or replacing internal and external parts of the vehicle

  • Using the vehicle for driving training purposes

  • Using the vehicle for illegal activities

  • Altering the original form or documentation of the vehicle

  • Violating traffic laws

  • Sub-renting the vehicle to third parties

  • Using for civil protests or demonstrations

  • Transporting animals

4. Vehicle Usage Restrictions

Smoking and consuming alcohol inside the vehicle, carrying passengers beyond the maximum capacity, off-road driving, and driving on sports grounds are strictly prohibited.

Penalty for smoking: Rs. 2,000.00

5. Odometer and GPS System

Vehicle renters have no right to tamper with the vehicle's odometer or remove the GPS system. If found to have done so, the organization will repossess the vehicle and will not refund the security deposit.

Penalty for tampering: Rs. 5,000.00

6. Hybrid Vehicle - Special Conditions

For hybrid vehicles, when the engine is not running (not started), lights, radio, and blower must be kept off at all times.

7. Hybrid Vehicle Battery

Jump starting a hybrid vehicle when the battery is down is strictly prohibited. If found to have done so, the cost of a new battery must be paid to the organization.

8. Air Conditioning System

All vehicles must be driven with the AC system on.

9. Vehicle Damage Liability

Vehicle renters are responsible for tire damage due to careless driving, damage caused by driving without water/coolant or fuel, or damage caused by using wrong fuel. Additionally, vehicle renters are responsible for all damages that occur inside and outside the vehicle.

10. Mechanical Defects and Accidents

Except in cases of mechanical defects that make the vehicle inoperable, no replacement vehicle will be provided for vehicles involved in accidents.

11. Contract Duration

If you wish to use the vehicle beyond the agreed date, you must notify us before the scheduled return date and pay the applicable amount for the extended period. For vehicles kept beyond the contract period without notice, the organization will take legal action against the vehicle renter or repossess the vehicle without notice.

12. Emergency Repairs

Emergency repairs during vehicle operation (not exceeding Rs. 5,000.00) must be carried out by the vehicle renter using their personal funds after notifying the organization.

This does not apply if the vehicle is rented for less than 7 days

13. Vehicle Maintenance Responsibility

Vehicle renters must check whether the vehicle's radiator water/coolant level and engine oil level are adequate. When the engine overheats (when the heat indicator light shows), the vehicle must be stopped immediately. Vehicle renters are responsible for damages caused by careless driving when the engine is overheated.

14. Equipment Damage Liability

Vehicle renters are responsible for damage to equipment installed inside or outside the vehicle such as DVD player, Radio, Remote key, Reverse camera, etc.

15. Driving Training

Vehicle renters must remember that using the vehicle for driving training in any manner or allowing anyone other than the contract holder to drive the vehicle without notice is strictly prohibited.

If found to be doing so or displaying "L" plates, the vehicle will be repossessed without notice and a penalty of Rs. 10,000.00 will be charged

16. Accident Notification

In case of an accident, technical fault, or mechanical defect, the first action must be to notify our organization.

17. Insurance Coverage

  • For damages under Rs. 100,000.00, no insurance coverage will be provided by the organization, and the vehicle renter must bear the cost.

  • For accidents exceeding Rs. 100,000.00, vehicle renters must assist the organization in obtaining insurance coverage and legal proceedings.

  • It is the vehicle renter's responsibility to immediately notify the organization of any accident.

  • After an accident, the vehicle renter must repair the vehicle, and after receiving insurance money, agree to pay the repair costs.

  • Any costs exceeding the insurance amount must also be borne by the vehicle renter.

18. Garage Referral

In case of vehicle accidents, the vehicle renter must refer the vehicle to the garage designated by the organization for repairs.

19. Garage Charges

In case of accidents, the vehicle renter agrees to pay a specified daily amount for each day the vehicle is kept at the garage.

20. Court Charges

If the vehicle comes under court custody due to any incident, the vehicle renter or guarantor agrees to pay a specified daily amount until the vehicle is released.

21. Vehicle Cleaning

Vehicle renters must clean the vehicle inside and outside properly before returning it on the scheduled date. If the vehicle is returned without proper cleaning, a service charge of Rs. 1,000.00 must be paid by the vehicle renter.

22. Monthly Service Requirements

Customers who rent for a month or several months must bring the vehicle to our organization for one day each month for service purposes. If unable to do so, the vehicle must be returned to the organization one day before the monthly contract period expires.

23. Inspection Checklist

When taking possession of the vehicle, the following items must be checked and confirmed:

  • Revenue License

  • Carpet

  • Wheel bush

  • Insurance Certificate

  • Horn cap

  • Emission Test Certificate

  • Jack

  • Spare tire

24. General Liability

Vehicle renters acknowledge that they will be responsible for resolving any financial, legal, or damage-related issues concerning the vehicle, will spend their personal wealth and time to resolve such issues, and are prepared to pay the vehicle's value in money if the vehicle is lost.

25. Guarantor's Responsibilities

The guarantor acknowledges that they personally know the vehicle renter, that the information provided by them is true, and that they will be responsible for resolving any financial, legal, or damage-related issues concerning the vehicle on behalf of the renter, will spend their personal wealth and time to resolve such issues, and are prepared to pay the vehicle's value in money if the vehicle is lost.